පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රත්මලානේ දී කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව රජයේ පාර්ශවයක්  සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.  

    අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    සිදුවීම පිළිබඳ අවශ්‍ය විමර්ශන සිදු කරයි. වැඩිදුර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටියි. මෙම බහාලුම අයත් ආයතනය හා සතොස ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. විමර්ශන මූලික අවස්ථාවල පවතින්නේ. රජය පාර්ශව මේ සිදුවීමට සම්බන්ධ බවට සෘජු හෝ වක්‍රව සම්බන්ධ බවට අනාවරණය වී නැත. නවීක හමුදාව රේගුව,පොලීසිය කටයුතු කරනවා. වැටලීම් විශාල ප්‍රමණයක් කර තිබෙනවා. ශ්‍රි ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ගෙන ඇති  පියවර පැසසුමට ලක් වී තිබෙනවා. සීනි බහාලුම්වල මත්ද්‍රව්‍ය ගේන එක ප්‍රශ්නයක්.පරීක්ෂා කරන්න දීර්ග කාලයක් යනවා.අපි අලුත් උපකරණ ලබාගැනීමටද උපදෙස් අරගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ප්‍රතිව්‍යුහගත කර තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. වැරදි කරන අයවලුන්ට කිසිම සමාවක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීම සඳහා අවශ්‍ය ජල බවුසර් හා ප්‍රතිපාදන ලබාදෙමින් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    නියඟය හේතුවෙන් ජනතාවට ඇති වී තිබෙන පීඩාව පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ අද (25) පාර්ලිමේන්තුවේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් උතුරු පළාතේ ජනතාවට සහන ලබාදීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේ.පානීය ජලය බෙදා හැරීම සඳහා ට්‍රැක්ටර් බවුසල් 45ක් සහ ලොරි බවුසර් ලබාදී තිබෙනවා. සෑම බවුසරයකටම අතිරෙක රියදුරන් ගෙන ජලය බෙදා හැරීමට  කටයුතු කර තිබෙනවා. අවශ්‍ය ජල ටැංකි 650ක් ලබාදී තිබෙනවා. යාපනය සහ අදාළ දූපත්වල සංචාරය කළා. තත්ත්වය නරකයි. ජලය ලබාදීමට අවශ්‍ය ජලය ලබාදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. තාක්ෂණික සොයා බැලීම් කළා, ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩලය දනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා.දැනට සති දෙකකට කලින් අනුරාධපුරය දිස්ත්‍රික්කයට ගියා. යම් යම් අඩුපාඩුකම් සඳහා කටයුතු කර තිබෙනවා. අනුරාධපුරය,පොළොන්නරුව,වවුනියාව, කිළිනොච්චිය ප්‍රදේශවලට අවධානය යොමු කර තිබෙනවා. අවශ්‍ය ජල බවුසර් යෙදවීමට කටයුතු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් යම් අඩු පාඩුවක් සිදු වී තිබේ ද යන්න සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya