පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරී නිවස්නය ඊයේ(20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාපීය පාසල් අතර පැවති පළාත් මට්ටමේ 10 වන ක්‍රීඩා තරඟාවලියේ අම්පාර දිස්ත්‍රික්ක අම්පාර අධ්‍යාපන කලාපීය රන් පදක්කම් 21ක්ද, රිදී පදක්කම්18ක්ද, ලෝකඩ පදක්කම්17ක් සමඟ ලකුණු 208 ක් රැස්කරමින් 2017 ශූරතාව දිනාන්නා ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශිය ජනතා සේවාවන් දෙකක් ජූලි 22 සහ 23 දෙදින තුළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
දරුවන්ගේ හැකියාවන් දක්ෂකම් වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් දරුවන්ගේ මානසික මට්ටම වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය බවත් එවැනි වැඩසටහන් සඳහා සහයෝගය දිරිමත් කිරීම ලබා දීම රජය නියෝජනය
කරන අය විදියට තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.