දේශීය වෛද්‍ය හා ආයුර්වේද ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී සංවිධානය කරනු ලබූ "සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, හිටපු කථානායක චමල් රාජපක්ෂ, වාසුදේව නානයක්කාර, අනූප පැස්කුවල්, තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) දින සිදු කෙරුණි.
කොරියාවේ පුහුණු වෘත්තිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගේ අවධානය යොමුව තිබේ.
කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉදිරි වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පසුගිය (21) දා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ (සංස්කෘතික අංශයේ) දී ද්වි පාර්ශවික සාකච්ඡාවක් පවත්වනු ලැබිණී.
ශ්‍රී ලංකාවේ මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මුල්කොට ගෙන සුළු පරිමාණ රබර් වැවිලිකරුවන් 6,000කගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ River ව්‍යාපෘතිය ( පෙබරවාරි 22 ) වඅවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි