ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යය නිසි පරිදි සිදු වෙන්න නම්,ඉදිරිපත් කළ වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, ඉදිරි කටයුතු සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසී ය.
පාර්ලිමේන්තුවේ දී ඊයේ ගැනීමට නොහැකි වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය අද (23) දින පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (22) පාර්ලිමේන්තුවේ ගෙන ඒමට යෝජනා කර තිබූ සභාව කල්තැබීමේ විවාදය පවැත්වීමට ආණ්ඩු පක්ෂය කැමැත්ත ප්‍රකාශ කළ බවත් යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නොසිටි බැවින් සභාව කල්තැබූ බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවසී ය.