අයහපත් කාලගුණය නිසා හටගත් ගංවතුර හා නාය යෑම්වලින් මියගිය සංඛ්‍යාව අද (02) ප.ව.12.00 වනවිට 208 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ අනුරාධපුර ශාඛාවේ නිලධාරි මණ්ඩලය සහ ප්‍රදේශයේ විවිධ සංවිධාන විසින් පරිත්‍යාග කළ වියළි ආහාර හා ඇද ඇතිරිලි හා පානිය ජල බෝතල් තොගයක් පරිත්‍යාග කිරීම අද (02) සිදු විය.
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.