දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජතික පෝෂණ මාසය අද (ජුනි 01) සිට ආරම්භ වෙයි.
ගංවතුර හා නාය යෑම්වලින් විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.
කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරැදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.