වරාය සේවකයින්ගේ දෛනික ආහාර වේලේ ප්‍රමිතිය ඉහළ මට්ටමකට ගෙන ඒමේ අදහසින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වරාය මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාවක අද (01) යෙදීමට නියමිත බව වරාය අමාත්‍යාංශය පවසයි.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ ඇති විධි විධානයන් බලාත්මක වූ 2017 පෙබරවාරි 03 දින සිට මේ දක්වා ගත වූ මාස තුනහමාරක් පමණ වූ කෙටි කාල පරිච්ඡේදය තුළ පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය හා වෙනත් ආයතන විසින්ද සාමාන්‍ය පුරවැසියන් විසින්ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙන් නිරන්තරයෙන් කරනු ලබන විවිධාකාර විමසීම් පිලිබඳ මෙම කොමිෂන් සභාව මහත් සේ සතුටට පත්වන අතර, ඒ සම්බන්ධයෙන් පොදු මහජනතාවත් සියලු පොදු අධිකාරීන්ටත් සිය කෘතඥතාවය පළකර සිටී.
සීනි අධික ආහාර ගැනීමට හුරුවීම හේතුවෙන් රටේ බොහෝ පිරිසක් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ගොදුරු වී ඇතැයි කොළඹ, ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
තුන් මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද (01) සිට ආරම්භ වන අතර හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක 07ක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.