එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු පසුගිය දා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවී නව පත්වීම සඳහා සුභ පැතුම් එක් කළහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් නියෝග සහ නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබාදෙන ලද හෙද හෙදියන් මැයි මස 01 වනදාට ප්‍රථම අදාළ ස්ථාන මාරුවීම් ලබාදුන් සේවා ස්ථානවලට මුදාහැරිමට පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කරන ‘පරිස්සමින් ගිහින් එන්න’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ රථවාහන රියදුරන් දැනුම්වත් කිරීම ඇල්පිටිය නගරය ආවරණය වන පරිදි පසුගියදා ක්‍රියාත්මක විය.
හිනිදුම බටහිර දක්ෂිණාරාම විහාරස්ථානයේ තුන්තරා සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු විය.