ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරමින් යනවා. පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.කිසිවිටෙක රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නට ඉඩ දෙන්නේ නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නෑ. කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානිය ලෙස පත් කරන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ආර්ථිකය අපනයන දෙසට දිශාගත කරන්න උත්සහ කරන බවත් තාක්ෂණය මුලික කරගත් උපාධි ලබාදෙන්න කටයුතු කරන බවත් ඉහළ පන්තිවලට වෘත්තිය කුසළතාව ලබාදෙන්නේ කෙසේ දැයි සොයා බලන බවත්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඖෂධවෙිදී සභාව සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරිමට යෝජිත ඖෂධවේදය සහ ඖෂධවේදී විද්‍යා පීඨය සැළසුම් වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට බාරදීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.