ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රාජ්‍ය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා පවසයි.
රජයක් ලෙස අපට වගකීමක් තිබෙනවා. මංකොල්ලකරුවන් ලෙස හැසිරෙන්න බෑ. ආර්ථික මධ්‍යස්ථානවල අවශ්‍ය සහල් තිබෙනවා යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ලෝක බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (21) පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් මාර්තු මස සිට මාස හතරක කාලයක් මුදල් ආධාර ලබාදීමට ක්‍රියාකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අපදාවට ලක්වූවන් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
අදාළ ආධාර මුදල් ලබාදීමට ප්‍රථම දිසාපතිවරුන් මාර්ගයෙන් හා කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය මාර්ගයෙන් සංගණනයක් සිදු කෙරේ.එමෙන් ම කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මඟින් හානි වූ වගාබිම් අක්කරයක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.
පානීය ජලය ලබාදීම සඳහා ජල ටැංකි ලබාදීම සිදු කර ඇති අතර තවත් ජල ටැංකි 3000ක් ලබාදීමට ද ක්‍රියා කරන බවද දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ඒවා ලබාදීමට ක්‍රියාකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 281562ක් ආපදාවට පත්වී තිබේ.වග කිරීමට නොහැකි පවුල් සඳහා ප්‍රාදේශීයව හඳුනාගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කිරීමට හා මුදල් සහ ආහාර ලබාදීමට ක්‍රියාකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.