පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලංකා සතොස අලෙවිසැල්වල සහල් කිසිදු සීමාවකින් තොරව ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවී තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය වැඩි මිලට සහල් විකුණන ස්ථාන වැටලීම් දැනටමත් ආරම්භ කර ඇති අතර සහල් සඟවාගෙන සිටින  ව්‍යාපාරිකයන් සහ ගබඩා සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද  කටයුතු කරමින් සිටින බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංස්කරණය කරන ලද නව වේලාවන්ට අනුව සකසන ලද දුම්රිය කාලසටහන ප්‍රකාශයට පත් කිරීම අද (20) දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

    වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල සංශෝධනය ඉතා ඉක්මණින් ගැසට් කරන බවත් මේ වනවිට වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නොමැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

    වේගයෙන් ඉහළ යන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම හා ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීම ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා මන්ත්‍රී සංසදයේ (SLPPD)අරමුණ බැව් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    ඇමැතිවරයා එසේ පැවසුවේ  මීගමුව, ජෙට්වින් බීච් හෝටලයේදී ආරම්භ වූ ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා මන්ත්‍රී සංසදයේ පළමු සැසිවාරයේදී සමාරම්භක උත්සවය අමතමිනි.

    ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ (SLPPD) පූර්ණ අනුග්‍රහයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධාන කරන මෙම දෙදින සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 30 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වන අතර ඇමැති එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේද කීවේය.

    “ජනගහනය වර්ධනය හා ඔවුන් මීළඟ ලෝකයේ සම්පත් හැටියට නිර්මාණය කර ගැනීමත්, කාන්තාවන්ට සමතැන දීමත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කර හිංසනය පිටු දැකීම වැනි කරුණු ගණනාවක් සඳහා මේ සමුළුව පැවැත්වෙනවා.

    ආසියානු කලාපය තුළ  ජපානය මූලික වී වැඩිවන වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රතිපත්ති, සැළසුම් සකස් කරනවා. එහි දිගුවක් තමා මේ සමුළුව. ඔවුන් සියළු පිරිවැය දරනවා. ජපානයේ  35  % ක් ඉන්නේ වැඩිහිටි ජනගහනය.ඔවුන්ගේ පරමායුෂ අවුරුදු 80 ක්.අපේ රටට ඊලඟට මේ ප්‍රශ්නය ගැඹුරින් බලපානවා.දැනට අපේ වැඩිහිටි ජනගහනය මුළු ජනගහන ප්‍රතිශතයෙන් 14 % ක්. කලාපයේ දෙවැනි තැනැයි අපි ඉන්නේ. 2035 වන විට මේ තත්වය 25 % ක් වෙනවා. මේ තත්වය පිළිබඳ රටේ ප්‍රතිපත්ති සකසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මේ සමුළුවේ අරමුණයි.

    අපේ වැඩිහිටියන්ටත් ක්‍රමයෙන් දරුවන් සමඟ ජීවත්වූ ප්‍රවණතාවය අඩු වෙමින් වෙමින් යනවා.දුප්පත් කමත් එක්ක මේ තත්වය ඉහල ගියා.අපේ අරමුණ අපේ වැඩිහිටියන්ට ගෞරවනීය ලෙස හොඳ තත්ත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගන්නයි.

    අපේ ඉහල සමාජයේ දෙමවුපියන්ට අත්වන ගැටළු සහගත ඉරණමක් තියෙනවා.ඔවුන්ගේ දරුවන් ඔවුන් දමා විදෙස් රටවලට යාම නිසා දෙමාවුපියන් තනිවෙනවා. රට ගිය දරුවන් බලාපොරොත්තු වෙනවා දෙමවුපියන්ව හොඳ වැඩිහිටි නිවාස වල මුදල් ගෙවා නතර කරන්න.අපි මෙවැනි අයට හොඳ තත්වයෙන් යුත් වැඩිහිටි නිවාස ඇතිකරන්නත්,තියෙන ඒවා වල තත්වය  තව ඉහලට ගන්නත් කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya