කළුතර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම සහ හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි විවෘත කිරීම, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීමේ උත්සව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස 11 සහ 13 වන සෙනසුරාදා හා සඳුදා දිනයහිදී පැවත්වේ.
නවම්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදු සසුණේත් බුද්ධ චරිතතයෙත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම්පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාව සළකනු ලබයි.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අධ්‍යාපනයට නිදහස ලබාදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය නොවේ මුලික දේ,අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාල නඩත්තු කිරීමට බිලියන 1.67ක් වියදම් වෙනවා. අද රටේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයකට හැටයි.මේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ක්‍රමය මාරු කරන්නයි. ඔලුගෙඩි මාරු කරන්න නොවේ යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.