● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මකයි. - අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියයි
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා උපාය උපක්‍රම භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා කිසිවිටකත් ජනාධිපති මාධ්‍ය ඒකකයට උපදෙස් ලබාදී නොමැති බවත්, ජනාධිපතිවරයා තම
පක්ෂයට හා ජනාධිපතිවරයාට සම්බන්ධ අනෙකුත් පක්ෂවලට උපදෙස් දී ඇත්තේ මැතිවරණයට මුහුණදීමට සූදානම් වන ලෙස බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බිත්තර ආනයනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන ඇතැම් බලවේග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා නියම කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාතියක් ලෙස නිදහස් දිනය අභිමානවත්ව සැමරීමෙන් වැළකී සිටීම රජයට නොහැකි බවත්, මෙවර සමරනුයේ හැත්තෑ පස්වන නිදහස් දිනය හෙයින් රටක ජාතික අභිමානය දනවන ජාතික උළෙල සඳහා ඒ රටේ ජනතාව යම් කිසි සාධාරණ වියදමක් දැරිය යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.