බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (17 දින ) ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 14ක කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඒ අනූව කෙසේ හෝ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබාදීමට කයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා පැවසූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය වර්ධනය කර ගැනීම සඳහා ඇති කර ගත් ප්‍රතිසංස්කරණ අනුව මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථීක, කෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් රටට විවෘතව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.