මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම හා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙරට දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් තුළදි ‌රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් රජය ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya