ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.
ශිෂ්‍යයන්ගේ පමණක් නොව ආචාර්යවරුන්ගේ මානව අයිතිය උල්ලංඝණය කරන තත්ත්වයකට අද රට පත්ව තිබීම ඛේදවාචකයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාලයට අවශ්‍ය සහය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ දී අද (05) උදර්පණ පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.