පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37කින් යුත් "ජාතික සභාව" ට, අගමැති ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද (07) සිය ධූරයට සමුදුන්නේ ය.
මෙතෙක් පමාවී තිබූ, රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.