කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ක්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය සහ ඒ සම්බන්ධ ගැටලු සදහා මැදිහත්වීමට පාර්ලිමේන්තු පනතකින් “ජාතික කාන්තා කොමිෂන් සභාව” නමින් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව ඇත.
පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි.
වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.