ඉන්ධන තොග බෙදා හැරීම පිළිබඳව සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ දිවයින පුරා අමතර ඉන්ධන තොග බෙදා හැරීමට තමන් උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
ඉදිරි දින කිහිපයේ දී ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“විදුලිබිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, 2022 අගෝස්තු 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවිය.