ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අගෝස්තු 30 වැනිදා ( අද ) සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ගෘහ්‍ය කාරක සභාව සඳහා මන්ත්‍රීවරු පත් කෙරෙති
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.