“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මන්ත්‍රීවරයන් සදහා සංවිධානය කර ඇති සංවාදමය කථිකාව අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කරයි.
විවිධ සංවිධාන ඔස්සේ සහාය ලබා ගනිමින් පාසල් පද්ධතිය තුළ දිවා ආහාර ලබා දීමේ වැඩසටහන තව දුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(29) පාර්ලමේන්තුවේදී පැවසීය.
විදුලි බිල සංශෝධනය කිරීම ජනතාවගේ පැත්තෙන් අපහසු වුවද මෙම අවස්ථාවේ ගත යුතුම ක්‍රියාමාර්ගයක් බවත්, අඩු ආදායම් ලාභීන්ට සහ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන්නන්ට ලබා දිය හැකි උපරිම සහනය ලබා දෙමින් විදුලිබිල සංශෝධනය සිදු කර ඇති බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.