අප්‍රේල් 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය.

    නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපතිධුරයේ බලතල,කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

     ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට ( 16 වන සෙනසුරාදා,දින) රැස්වන බවත් ඉට සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන ලෙසත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දෙයි.

    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්,රාජ්‍ය නිලධාරීන්ගෙන්,ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සියලු වගකිව යුත්තන්ගේ සහයෝගය ඇතිව දින 07ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසාන කිරීමට තමා බලාපොරොත්තු වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya