ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ තීරය, කල්මුණේ තුඩුව වෙරළ තීරය සහ කයිට්ස් අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 65 කට (තෙත බර සහිතව) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
පසුගිය සති දෙක තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අභියෝගාත්මක රාජකාරීන්හී නියැලෙමින් ඔවුන් වෙත පැමිණි තර්ජන නොතකා කැපවීමෙන් කටයුතු කරනු ලැබූ අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා (15) දින උදෑසන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත විය.
තැපැල් භාණ්ඩ බාරගැනීම අත්හිටුවයි- තැපැල් දෙපාර්තමේන්තුව
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූ හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් සොයාබැලීය.