විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 ජූලි 15 වැනි සිකුරාදා දින ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය.
පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිදු කිරීමට නියමිතය.
ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමට නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහරින්නන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්දීය රජය මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිටඉතාමත් සාර්ථකව සිදු කෙරෙමින් පවතී.