ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS Batti Malv' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ(16) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබේ.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත් වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.