ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණ අනූව මේ වන ඩෙංගු 03 වෛරස් කාණ්ඩය මෙරට ප්‍රමුඛ වී ව්‍යාප්ත වන බව ඔවුන් සහතික කර ඇතැයි ද මෙය වසර 12ක් තුළ මෙරට නොතිබුණු වෛරස් කාණ්ඩයක් බවද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.
ඊයේ (02) මාධ්‍යයට අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ බව පැවසුවේය.
මේ වන විට මෙයට විරුද්ධව අපගේ ශරීරයේ ප්‍රතිශක්තියක් සහ ප්‍රතිදේහ නොමැති බව කියාසිටි වෛද්‍ය රුවන් විජයමුණි මහතා මේ හේතුවෙන් මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ඇතැයිද අවධාරණය කළේය.
කුමන හේතුවක් නිසා හෝ උණ තත්ත්වයක් පවතී නම් අනිවාර්යයෙන්ම දෙවනි දවසේදී පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) කරගන්නා ලෙසද, සෑම පැය 12කටම වරක් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරමින් රෝගියා අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පූර්ණ රුධිර පරීක්ෂාවේ (Full Blood Count) අගය යම් ප්‍රමාණයකට අඩුවේ නම් අනිවාර්යයෙන් රෝහල්ගත විය යුතු බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේය.
2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කර තිබේ.
ජනතාවට සහ රටට හිතවාදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා රජය වශයෙන් ලබා දිය හැකි හැම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීම සිනමාකරුවන් පුහුණු කරවන
සිනමා ඇකඩමියක් මෙරටට අවශ්‍ය බව, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.