ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට කීර්තිමත් ජනනායකයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මැතිතුමාගේ බිරිද වන ශ්‍රීමා දිසානායක මැතිණිය කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය.

    යොවුන් පුරය දෙවැනි දින අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    තරුණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ විශේෂ සැසිවාරය යොවුන්පුරයේ දී

     

    තරුණ තරුණියන් 8000කගේ සහභාගීත්වයෙන් මාර්තු 27 සිට 30 දක්වා හම්බන්තොට වීරවිල පැවැත්වෙන “යොවුන් පුරය - 2019”  වෙනුවෙන් විදෙස් තරුණ තරුණියන් 150කට අධික පිරිසක් සහභාගිවීම මෙවර යොවුන් පුරය විචිත්‍රවත් වීමට හේතුවක් වී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති  නීතිඥ එරන්ද වැලිඅංගේ  මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යොවුන්පුර විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ විදේශ තරුණ තරුණියන්ගේ සහභාගිත්වය තුළින් අන්‍යෝන්‍ය අවබෝධය , ජාත්‍යන්තර අත්දැකීම්, නවලොව නව ප්‍රවණතා පිළිබඳව දේශීය තරුණ තරුණියන්ට ප්‍රායෝගික අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව හිමිව ඇති බවයි. 

    මෙවර යොවුන්පුරයට  එංගලන්තය, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තනය, රුසියාව, ජපානය, අමෙරිකාව, මැලේසියාව, කෙන්යාව, නවසීලන්තය, ස්කොට්ලන්තය, චීනය, නේපාලය, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය  හා වියට්නාමය යන රටවල තරුණ තරුණියන් සහභාගි වේ.                   

    යොවුන් පුරය සඳහා විදේශීය තරුණ තරුණියන් සහභාගි කරවීමේ අරමුණු අතර දේශීය තරුණ තරුණියන් බලගැන්වීම, සංස්කෘතික, ක්‍රීඩා, නිපුණතා සංවර්ධන වැඩසටහන් තුළින් අන්‍යෝන්‍ය අවබෝධය හා අදහස් හුවමාරුව, විදේශීය රටවල නව තාක්ෂණික දැනුම හුවමාරුව, ඉංග්‍රීසි භාෂාව හැසිරවීම  පිළිබඳ ප්‍රායෝගික නැඹුරුවක් ඇති කිරීම හා විවිධ ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම  ප්‍රමුඛ වේ.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව “යොවුන් පුරය 2019”  සංවිධානය කරයි.

    යොවුන්පුර විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya