ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
බටහිර ලෝකය තුළ මේ වන විට බෞද්ධ දර්ශනය පිළිබඳ විශාල ඇල්මක් ඇති වී තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යටතේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම මෙම වසරේ සිදුවීම නිසයි 2019 වැදගත් වසරක්. අධ්‍යාපන ආයතනවල කාර්යභාර්ය වන්නේත් ත්‍රිපිටකයේ අඩංගු ධර්මය පිළිබඳව ලෝකයා දැනුවත් කිරීමයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කැළණිය, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා(28) දින සිදු කෙරිණි.
ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මී ඇල්ල පනන්වෙල ඒකාබද්ධ ප්‍රජා ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 54.32 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ.