රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2019 යළ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය වන කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 ක් වගා කිරීම සඳහා රුපියල් මිලියන 267.93 ක් වැය කරමින් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 3874.84 ක් ලබා දීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.
‘ගමට දිරියක් - 2019’ ප්‍රජා සත්කාරක ජංගම සේවා වැඩසටහනක් (29) දින පෙරවරුවේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගේ මූලිකත්වයෙන් මාතර - වල්ගම උතුර කොටිකාගොඩ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
වීරවිල යොවුන් පුරය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (29)සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
ශ්‍රි ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලිම සඳහා නවින ක්‍රමවේදයන් භාවිතා කරමින් කොට්ටාව-මාකුඹුර ප්‍රදේශයේ රුපියල් මිලියන 2000ක වියදමින් ඉදිකරන ලද බහුවිධ ප්‍රවාහන මධ්‍ය ස්ථානය මාර්තු 31 දා ප.ව 3.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.