ස්ථාවර නියෝගවලට අනුව අප්‍රේල් මස 30ට කලින් නැවතත් අමාත්‍යාංශ දෙකකට අයත් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට හැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සියලු පළාත් පාලන අයතනවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.