දරුණු ව්‍යසනයක් බඳුව පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම, වැටලීම් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මත පමණක් පාලනය කළ නොහැකි තත්ත්වකට පත්ව ඇති බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් මෙය පිටුදැකීමේ කාලය එළැඹ ඇති බව ජනාධිපතිතුමා පවසයි.
අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය පුළුල් කරමින් ශ්‍රි ලාංකේය ජාතින් අතර සාහිත්‍ය වර්ධනය කිරිම උදෙසා සිංහලෙන් ලියාවුණු සාහිත්‍ය කෘති දෙමළ භාෂාවෙනුත්,දෙමළ භාෂාවෙන් ලියාවුණු කෘති සිංහල භාෂාවෙනුත් පරිවර්තනය කිරිම ප්‍රධාන අරමුණ විම වස් මෙහි සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි පැවැති විය.
වියළි කාලගුණ තත්ත්වයක් තිබුණ ද නියං තත්ත්වයක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.