ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා සාර්ථක එළඹුමක් අනුව කටයුතු කිරීමට හැකි වූ බවත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ උපාය මාර්ගික එළඹුම සාර්ථක වූ බවත් ව්‍යවස්ථාවෙන් පිට කිසිම එකඟතාවයකට යා නොහැකි බව ප්‍රකාශ කිරීමට හැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියි.
ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සදහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත උපදෙස් ලබාදුන්නේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 43 වන ඔසුසල දඹුල්ල නගරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ විවෘත කෙරිනි.