ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින් මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථ සදහා GPS උපකරණ සහ ඉලෙට්‍රොනික් ටිකට් මැෂින් ලබා දිමට උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එල්.එල්.ඒ පීරිස් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, (25) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ 2019 වසර වැඩසටහන් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකය.මෙහි දෙවන අදියර යටතේ, ප්‍රජා පාලිත ගම්මාන 114ක් ලියාපදිංචි කර ඇත. නිශ්පාදිත සේවා ගම්මාන 57ක් ද ඇතුළුව මේ වන විට සමස්ථ ව්‍යපෘති 171ක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුත් දීපව්‍යාප්ත ජංගම සේවාවේ පළමු වැඩසටහන අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - වැලිගම දී පැවැත්විණි.
සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා සංචාරක පොලිසි ඉදිකිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වැය කරමින් 12 වන සංචාරක පොලිසිය විවෘත කිරීම සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර - මිරිස්ස ප්‍රදේශයේ දී සිදු කෙරිණි.