රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවත් හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් සෘජු රැකියා 500ක් බිහි වෙනවා.පවුල් 2000කට සෙත සැලසෙනවා. තෙල් පිරිපහදු කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා 1500ක් හා වක්‍ර රැකියා 3000ක් අපේක්ෂා කරනවා යැයි නිවාස ඉදිකිරීම් හා සංකෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ කොටස්කරුවන්වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් ශ්‍රී ලාංකාවේ සංවර්ධනය මෙන් ම ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතියට දායකවීමට ලැබීම පිළිබඳව ද සතුටු වන බව ඕමානයේ තෙල් පිරිපහදු හා ගෑස් පිළිබඳ අමාත්‍ය Dr Mohammed bin Hamad Al Rumhy මහතා ප්‍රකාශ කරයි.
හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.