මාර්තු 24 දිනට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් පසුගිය දා (21) පෙරවරුවේ ගම්පහදී පැවැත්විණි.
ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ගලේවෙල දේවහුව වැව හා ප්‍රධාන ඇල මාර්ගය ප්‍රතිසංසකරණයට රුපියල් මිලියන 180ක ප්‍රතිපාදන වෙන් වී ඇති බව වාරිමාර්ග ඉංජිනේරු රුවන් වීරසුරිය මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මාර්තු මස 24 වනදා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ කිරීමට නියමිතය.
උසස් මාධ්‍ය ප්‍රමිතීන් දිරිමත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් සම්මාන උළෙල එළඹෙන අප්‍රේල් 10 දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවත් ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.