ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවාගැනීමේ දී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොකළ බවත් ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීම,විගණන පනත වැනි යහපාලන අංග ඇති කළ බවත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.
ආර්ථික ප්‍රශ්න තිබිය දී කිසිදු කප්පාදුවකින් තොරව ජනතා සහන ලබාදීමට කටයුතු කිරීම ජයග්‍රහනයක් ලෙස දකින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
රටේ අපනයනය වර්ධනය කළ බවත් විවෘත ආර්ථිකය වෙනුවට සමාජ වෙළඳපොළ ආර්ථිකය ඇති කිරීමට බිය නොවූ බව මහාමාර්ග,මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
රටේ අහිංසක ජනතාවට බරක් නොදී අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් රටක ආර්ථිකය දියුණු වන්නේ සමාජයක් දියුණු වීමෙන් බවත් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.