අයවැය 2019 දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙවර අයවැය ඉදිරිපත් කළේ, පෝසත් රටක් සමාජ ආර්ථික දැක්මක් යුතුවයි. මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුවේ යැපෙන්නන් බවට පත් කරන්න වුවමනාවක් නෑ. ස්වාධිනව ගොඩනැඟෙන පරිසරයක් ඇති කරන්න උත්සහ කරන්නේ.ගොවියා ජත්‍යන්තර වෙලඳපොළේ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා''යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කළ හොත් ජනතාව සතුටුවන සේවයක් ලබාදිය හැකි යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
සංවර්ධනය ඉලක්ක කර ගත් කෙටි කාලීන, දීර්ග කාලීන වැඩපිළිවෙලක් සහිත ප්‍රගතිශීලී අයවැයක් ඉදිරිපත් කළ බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.