ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.
ලෝක කාන්තා දිනයට සමගාමිව අද සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සදහා වෙන් වූ කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ''වැඩසටහනෙන් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්.එයට හොඳ කණ්ඩායම්, නිෂ්පාදකයන් තෝරාගෙන වැඩසටහන ක්‍රියාත්මක කළොත් රට දියුණු කරගන්න එය හේතුවක් වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.