රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන දෙසතිය පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් පළමු වැඩසටහන හෙට (15) සූරිය වැව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන මාර්ගය ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිතය.
කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසින් වැඩි දියුණු කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයන්තයට ලැබෙන පිටිවහල සහ එය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම මඟින් උතුරු ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනයට ලබා ගත හැකි දායකත්වය කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.
මියන්මාරයේ 71 වන නිදහස් දින හා 72 වන සංවත්සර දින සැමරුම් උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ( 12) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.