තේ වතු සේවක වැටුප් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති හා හාම් පුතුන්ගේ සංගමය අතර ඇති කරගෙන තිබෙන සාමූහික ගිවිසුමෙන් වැඩි කරන ලද වැටුපට අමතරව එක් සේවකයෙකුට දිනකට රුපියල් 50 බැගින් වන දීමනාවක් වසරක කාලයක් සඳහා රජය මඟින් ලබා දෙන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කියයි.
වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සම්මන්ත්‍රණය සඳහා කලාපීය සනීපාරක්ෂක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ සංකල්පයකට අනුව''රාජ්‍ය සේවය ඔබටයි '' යන තේමාව යටතේ 41 වන වරටත් පවැත්වෙන නීතිමය ලේකන ලබාදීමේ ජංගම සේවය සහ අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට පොත් ලබා දීමේ වැඩසටහන පසුගිය දා මාතලේ හින්දු ජාතික විදුහලේ දී පවත්වනු ලැබිය.