2024 වන විට කොළඹ පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පරිවර්තනය කිරීම බලාපොරොත්තුව බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එලඹෙන 71 වෙනි ජාතික දින සැමරුමට සමගාමිව නිදහස් කුසලාන අභියෝග ශුරතා වොලිබෝල් තරගාවලියක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.