හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් කර්මාන්ත , වානිජ ,දිගුකාලීන අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව එක්ව ‘ශිල්ප සුරක්ෂා’ නමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් S – 13 වර්ගයේ විදුලි ද්විත්ව බල යෝධ කට්ටලය මගී ප්‍රවාහනය සදහා මෙම මස ඉරිදා (27) පෙ.ව. 6.00 ට ගමන් ඇරඹීමට නියමිතය.
බාල දක්ෂ ව්‍යාපාරය මගින් සමාජයට නායකත්වය සපයන නායකයින් බිහිකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන අතර, අභියෝගවලට මුහුණ දීමටත්, සාමූහික ව කටයුතු කිරීමටත්, නිවැරදි තීරණ ගැනීමටත් කුඩා කල සිට ම දරුවන් හුරුකරවීමට මේ හරහා ලබාදෙන ශක්තිය මහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.
මහජන බදු මුදලින් ඉදිකරනු ලැබූ නිවාස මහජනතාවට ලබා නොදී පසුගිය රජයේ පාලකයින් හා ඔවුන්ගේ පවුල් පරපුර අතර බේදා ගැනීම තරම් දේශද්‍රෝහී ක්‍රියාවක් නොමැති බව, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.