කුරුණෑගල ගල්ගමුව- මඩදොඹේ ඉදි වූ දඹරන්පුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල- සේරුනුවර ඉදි වූ ආදර්ශ ගම්මාන ජනවාරි (19 හා 20) දෙදින තුළ ජනතා අයිතියට පත් වේ.
කළුතර කළු ගගේ පාරිසරික ගැටළු සොයා බලන සමීක්ෂණය කඩිනම් කරන්නැයි අමාත්‍ය පී.හැරිසන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස් දෙයි.
පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ඒකීය සුපර් පොස්ට් පේට් සහ ත්‍රිත්ව සුපර් පොස්ට්පේට් සැකසීමේදී එප්පාවල පොස්ට්පේට් නිධිය පෞද්ගලික සමාගම් සදහා අතුරු බදු දීමට තමා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක්කල් ඉඩ නොදෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය පී.හැරිසන් මහතා කොළඹ පිහිටි පොස්පේට් පාලන කාර්යාලයේ පැවති නිලධාරී හමුවේදී පැවසීය.