නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනපති අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.
ආණ්ඩුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන මාධ්‍යවලට දන්වීම් අඩු කිරීමට අයිතියක් තිබෙනවා. ඕන මාධ්‍යයකට අපි විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය භීෂණයක් තිබෙනවා කියලා, පසුගිය රජයේ අය කිඹුල් කඳුළු හෙළනකොට අපට වේදනාවක් ඇති වෙනවා.ජනවාරි 08 වැනිදා වසර 10-12 තිස්සේ තිබූ මාධ්‍ය මර්දනයට අපි තිතක් තිබ්බා. යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගින් වාර්ථා විමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය දන්වා සිටී. එමෙන්ම උතුරු පළාතේ පැවති ගංවතුර තත්ත්වය පහව යෑමත් සමග මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන පරිසරයේ ඉතා සුලභව පවතින බැවින් මදුරුවන් බෝවීමේ අවධානමද ඉහළ ගොස් ඇත.