ගම් උදාව සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන 150 වන ආදර්ශ ගම්මානය වන අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ඉදි වූ ජයනෙතුගම ජනතා අයිතියට පත් කිරීම අද (8) සිදු කෙරේ.
පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පසුගිය දා ගාල්ල වරායට සේන්දු වූ බව නවික හමුදාව පවසයි.
''මෛත්‍රී පාලනයක් ස්ථවර රටක්''- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරක් සැපිරෙයි!
දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කෙරේ.