“ගංවතුරෙන් විපතටපත් උතුරේ මුලතිව්,කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහනාධාර රැගෙන පැමිණි ජනතාව ගෙන ආ භෞතික දේට වඩා එම ජනතාව දකුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය සහ මනුෂ්‍යත්වයේ ආදරණීය හැඟිම තුළ මිල කළ නොහැකි තරම් වටිනාකමක් ගැබ්ව ඇති බව” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු පසුගිය දා (ජනවාරි 05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරකි.
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.