ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමක් ඉටුකරමින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වැඩි ලාභ ලබන ලැබෙන පරිදි එළවළු මිලදි ගැනීම ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ සහ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා (ජනවාරි 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිතිතුමා පවසයි.
වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්විණි.