අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ඉරිදා (හෙට) පෙ.ව. 10.00ට සිදු කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පස්වැනි මහලේ ස්ථාපනය කර තිබූ ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය එළඹුණු නව වසරේ සිට වඩාත් පුළුල් පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.