ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ආසියානු කුසලානය දිනා ගැනීමට පසුගිය සිකුරාදා සමත් වූහ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු තුනක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.
තනි තීන්දු ගන්නේ නැතුව කතාබහ කර,සාකච්ඡා කර,සම්මුතියෙන්,සංහිදියාවෙන් ප්‍රශ්න විසදා ගැනීමට පරිණත දේශපාලඥයින් හැටියට අප කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම නිපුණතා වර්ධනය කරගනිමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි පූර්ණකාලීන හා අර්ධකාලීන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ජනබල මහා ජනතා රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සවස 1.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.