මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර යුද්ධය අවසන්වීමත් සමග 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලද බව යුද හමුදාව පවසයි.

    නෙත් යුගල දන් දෙමින් අක්ෂිදාන ව්‍යාපාරයට දායක වූ ස්වකීය දෙමාපියන් මෙලොවින් සමු ගත්ත ද එම අයගේ නෙත් තුළින් තවත් දෙදෙනෙකු මෙලොව දකින බවත් ඔවුන් මෙන්ම තමාද නෙත් යුග දන්දීම සඳහා මින් බොහෝ කලකට පෙර අක්ෂිදාන ව්‍යාපාරයත් සමඟ ගිවිසුමකින් බැඳුණු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

    මහනුවර ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකය ඉදිරි මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික්කය තුළ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මූලාශ්‍රය වන නිල්වලා ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන රුක් රෝපණ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරඹ ග්‍රාම නිලධාරී වසමේ දී සිදු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya